මතක ඇතිනේ අපි ජංගම දුරකථන අලුත්වැඩියා කරන අන්දම ඉගෙන ගන්න පාඩම් මාලාවක් ආරම්භ කළා..මේකත් එකට සෙට් වෙන පොස්ට් එකක්..ඔයාල දැනටත් ගෙදර පොඩියට ජංගම දුරකතන අලුත්වැඩියා කරනවා ඇති.ඒ අයටත් මේගැන දන්නා අයගේ දැනුම අලුත් වෙන්නත් තමයි මේ පොස්ට් එක..ඔයාල සමහර විට දුරකතනයක් හදන්න අරන් ගියාම කුඩා බොක්ස් එකකට සවිකරන ලද වයර් වලින් phone එකට කරන්ට් එක දීලා පරික්ෂා කරනවා දැකල ඇති.ඒක එයාල ටිකක් හංගගෙන තමයි මේ වැඩේ කරන්නේ.. මේසෙ ලෑල්ල යට තමයි ගොඩක්
වෙලාවට ඕක තෙයෙන්නෙ.ඕකට කියන්නේ DC POWER SUPPLY කියලා..එය කුඩා ඉලෙක්ට්‍රොණික උපකරණයක්.ඇත්තටම මෙය බලසැපයුම් උපකරණයක්.දුරකතනයක ගොඩක් දෝෂ මේකෙන් හොයන්න පුලුවන්..ඕනෑම දුරකතනයක් බැටරිය නැතිව මෙම උපකරණය සවි කලාම ඔන් කරන්න පුළුවන්..මෙවැනි සාමන්‍ය මට්ටමේ උපකරණයක් රු 11500 විතර වෙනවා..මෙම උපකරණ භාවිතා කිරීමෙන් ඔබට ඉතා පහසුවෙන් විශාල ප්‍රමාණයක දුරකථන වල දෝෂ ඉතා පහසුවෙන් සොයා ගත හැකියි ..ටික ටික ඔක්කොම කියලා දෙන්නම්.දිගටම අපිත් එක්ක ඉන්න.ඊළඟ පොස්ට් එක මගින් දෝෂ හදුනා ගන්නා ආකාරය කියා දෙන්නම්. SWOT INSTITUTE -077 2011040


No comments:
Post a Comment