Sunday, September 24, 2017

චීන මොබයිල් ෆොන් රෙපෙයාර්

මගේ යාලුවෙක්ගෙ මොබයිල් ෆොන් එක බිම වැටිලා ඊට පස්සෙ වඩ කරන්නෙ නැතුව ගිහින්. ඉතින් අද ලියන්න හිතුවෙ ඒක අලුත්වැඩියා කරපු හැටි ගැනයි.


මේ ෆොන් එක China mobile A618 වර්ගයේ එකක්. මේකෙ තිබුන රෝග ලක්ෂණය තමයි ON කරහම සාමාන්‍ය විදිහට Display එක එනවා ඒත් Keyboard එකවත් touchpad එකවත් වැඩ කරන්නේ නැහැ. Touchpad එක damage වුනු ලකුණු පේන්න තිබුනා.

ඉතින් අපි මේක ගලවලා බැළුවම touch pad එක display එකට අලවපු තැනින් ලේසියෙන් ගලවන්න පුලුවන් කියලා තේරුනා.
[නිල් පාට ඊතලයෙන් පෙන්වන දාරය දිගේ පිහිතලයකින් display එක සහ touch pad එක වෙන් කරගන්න පුලුවන්]

ඒත් මේක ටිකක් පරිස්සමින් කරන්න ඕනා. Touch pad එකේ flex cable ත් display එකේ flex cable එකටම මගදි පාස්සලා තියෙන්නෙ. මේ flex cable එක්ක වැඩ පරිස්සමින් කරන්න ඕනා, වැඩිපුර රත් වුනොත් flex cable එක උනු වෙලා ඔක්කොම වැඩෙ අල වෙනවා.

[flex cable සම්බන්දය]
කොහොම හරි touch pad එක වෙන් කර ගෙන multimeter එකෙන් පරීක්ෂා කලහම ඒක short කියල පෙනුනා. දැන් ඉතින් වෙලා තියෙන වැඩේ පැහැදිලියි. touch pad එක short වෙලා නිසා system එකට දිගටම touch point එකක් එනවා, ඒක නිසා system එක වෙන එක key එකකටවත් respond කරන්නෙ නැහැ.

දැන් touch pad මාරු කලහම ලෙඩේ හොද් වෙන්න ඕනා. ඒත් නිකමට වගේ තවත් උත්සාහයක් දාලා touch pad එකත් ගොඩ දාන්න පුලුවන් උනා.

phone එක බිම වැටුන වෙලාවෙ ගලක් ඇනිලා touch pad එකේ උඩ layer එකයි, යට layer එකයි එකට ඇලිලා තමයි touch pad එක short වෙලා තියෙන්නේ. Touch pad එකේ යට පැත්ත සීරුවෙන් රත් කරලා, බීම බොන බටයක් damage වෙච්ච තැන මැදිකරලා (on top layer) තියලා ඉරුවා.


අපේ බලාපොරොත්තුව මේකෙන් එකට ඇලුන layer දෙක වෙන් කරගන්නයි. මෙහෙම දෙපරක් විතර කරලා නැවත පරීක්ෂා කෙලෙහම වැඩේ හරි ගිහින්. (මේ රත් කරෙන වැඩේ යට පැත්තෙන්ම කරන්න ඕනා. Touch pad වල යට පැත්ත වීදුරු, උඩ පැත්ත plastic ඒක නිසා උඩපැත්ත රත් කරොත් උනු වෙනවා.)

මේකෙන් පස්සෙ phone එක ආපහු තිබුන විදිහටම සවි කලහම පාවිච්චි කරන්න පුලුවන් මට්ටමි වැඩකරා. Touch pad එකත් damage වුන තැන හැර හොදින් වැඩ.

No comments: