මේ ලිපියේ පළමු කොටසින් එක් එක් සේවාවන් සදහා පාවිච්චි කරන් සංඛ්‍යාතයන් ගැන ලියුවා. මේ කොටසින් අපි ලංකාවේ ජංගම දුරකතන සදහා පාවිච්චි කරන EGSM-900, DCS-1800 හා WCDMA-2100 සංඛ්‍යාත පරාස ගැන සවිස්තරව බලමු.
GSM/3G ජංගම දුරකතනයක් සාමාන්‍යයෙන් තමන් සම්බන්ධ වෙලා තියෙන ජාලය සමග පනිවුඩ හුවමරු කරගන්න ගුවන් විදුලි සංඛ්‍යාතයන් දෙකක් පාවිච්චි කරනවා. මෙයින් එක් සංඛ්‍යාතයක් ජංගම දුරකතනයේ සිට ජාල වෙත පනිවිඩ යැවීමට යොදා ගන්නවා. මේකට කියන්නේ උඩුසබැදුම (uplink - අප්ලින්ක්) කියලා. අනිත් සංඛ්‍යාතය පවිච්චි කරන්නේ ජාලයේ සිට දුරකතනයට එන පනිවුඩ ලබාගන්න. මේකට කියන්නේ යටිසබැදුම (downlink - ඩවුන්ලින්ක්) කියලා. මේකියන සංඛ්‍යාත දෙකේ තමයි සියලුම පාලන නාලිකා (control channels), වාහක නාලිකා (traffic channels) සම්ප්‍රේශනය කරන්නේ. ඒ ගැන විස්තර වෙලව ලබෙන හැටියට වෙනත් ලිපියක ලියන්න හිතාගෙන ඉන්නවා.
කලින් කියපු හෙතුව නිසා හැම GSM/3G සංඛ්‍යාත පරාසයක්ම උඩුසබැදුම් කලාපය (uplink sub band), යටිසබැදුම් කලාපය (downlink sub band) සහ කලාප හිඩස (band gap) යනුවෙන් උපපරාස තුනකට බෙදලා තියෙනෙවා. මේවායින් උඩුසබැදුම් කලාපය සහ යටිසබැදුම් කලාපය 200KHz කලාප-පළලක් (Band width) ඇති නාලිකා ගනනාවකට බෙදා තියෙනෙවා. මේ එක් එක් උඩුසබැදුම් නාලිකාවට හා ඊට අනුරූප යටිසබැදුම් නාලිකාවට සම්මත නාලිකා අංකයක් (channel ID) තියෙනෙවා. මේ නාලිකා අංකය මගින් තමයි එක් එක් දුරකතන හෝ ජාලයන් පාවිච්චි කරන සංඛ්‍යාතයන් ගැන සදහන් කරන්නේ.
රූපයේ පෙන්වලා තියෙන විදිහට යම් දුරකතනයක් නාලිකා අංක1 (CH-1) පාවිච්චි කරනවායයි අදහස් කරන්නේ උඩුසබැදුම සදහා 890.2 MHz ද යටිසබැදුම සදහා 935.2 MHz ද පාවිච්චි කරනවා කියන එකයි.
දැන් අපි ලංකාවේ GSM/3G සංඛ්‍යාත පරාසයන්ගෙ භාවිතව බලමු.
- EGSM-900 පරාසය
- DCS-1800 පරාසය
- WCDMA-2100 (IMT-2100) පරාසය
මේවාට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසම(TRC) 4G (LTE) හා WiMax සදහා අලුත් සංඛ්‍යාත පරාස ජනවාරි මසදී නිකුත් කරන්න සූදානම් වෙලා තිබුනා. ඒත් තවම ඒගැන හරි තොරතුරක් නැහැ.
No comments:
Post a Comment