Wednesday, August 23, 2017

ඇපල් අයිෆෝනයක් Unlock කරන ක්‍රම

ඇපල් සමාගමේ වැඩි ම ඉල්ලුමක් සහ ඉතා ඉහළ ජනප්‍රියත්වයක් තිබෙන නිෂ්පාදනයක් තමා ඇපල් iPhone කියන්නේ.ඇපල් අනෙකුත් නිෂ්පාදන වගේ ම ඇපල් iPhone එකත් තරමක් මිළ අධික උපාංගයක් වෙනවා.මේ නිසා ම නව අයිෆෝනයක් මිළදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ අය වෙළදපොලේ තරමක් මිල අඩුවට තිබෙන Lock iPhone එකක් මිළදී ගැනීමට ද පෙළඹෙනවා.එනම් යම් නිෂ්ච්ත දුරකතන ජාලයක සිම් පතක් පමණක් භාවිත කළ හැකි iPhone වේ.කෙසේ වුව ද අප iPhone එකක් මිළ දී ගැනීමේ දී විශේෂයෙන් ම එය Lock ද Unlock ද කියා තහවුරු කරගත යුතු වෙනවා.මොකද iPhone එකක් Unlock කිරීමට විශාල මුදලක් වැය වෙනවා.යම් හෙයකින් ඔබේ iPhone එක Lock නම් එය Unlock කරගැනීමට ප්‍රධාන වශයෙන් ක්‍රම 3 ක් තිබෙනවා.

  1. Jailbreak කිරීම මඟින් Unlock කිරීම.
  2. Gevey,Rebel වැනි සිම්පතක් ආධාරයෙන් Unlock කිරීම.
  3. Factory Unlock කිරීම මඟින්.

    Jailbreak කර අන්ලොක් කිරීම මෙහි ලාභ ම ක්‍රමය යි.නමුදු ගැටලුව වන්නේ මෙම ක්‍රමය සහය දක්වන්නේ ඉතා සීමිත iPhone සංඛ්‍යාවකට පමණි.තවද iPhone එක restore හෝ Update කළ විට නැවත Lock වේ.සමහර විට Update කිරීමේ දී baseband එක ද Update වූවහොත් නැවත Unlock කිරීමට නොහැකි වේ.මෙම ක්‍රමය මඟින් Original iPhone,iPhone 3G,iPhone 3GS සහ baseband 1.59.00 සහිත iPhone 4 පමණක් unlock කළ හැකි ය.තවද මෙම ක්‍රමය iOS 6.1 තෙක් වූ iOS අනුවාද සඳහා පමණක් සහය දක්වයි.මෙමඟින් කෙරෙන්නේ අදාළ උපාංගය jailbreak කොට 'UltrasnOw' නැමැති tweak එක ස්ථාපණය කිරීම යි.

    Gevey,Rebel වැනි සිම් පතක් භාවිතයෙන් Unlock කිරීමේදී Jailbreak කිරීමට වඩා වැඩි iPhone ප්‍රමාණයකට සහය දක්වනවා.මෙම සිම්පතක් එතරම් මිළ නොවන අතර සමහර iPhone මාදිලි සඳහා Jailbreak කිරීම අනිවාර්‍ය වනවා.නමුදු මෙහිදී අප අපගේ උපාංගයට අපගේ network එකට අදාළ සිම්පත සමඟ මෙම Gevey,Rebel වැනි සිම් පතත් ඇතුළත් කළ යුතු වනවා.මෙහිදී අපට සැම විටම පවතින නවත ම iOS අනුවාදයට Update කළ නොහැකි අතර 3G,4G MMS SMS වැනිදෑ භාවිතයේ දී ගැටලු ඇති වනවා.බටරිය ඉක්මණින් වියළී යාම,අයිෆෝනය රත් වීම මෙහි අතුරුඵල වනවා.

    iPhone එකක් නිල වශයෙන් Unlock කිරීම තමා Factory Unlock කියන්නේ.මෙය ඉතා මිළ අධික ක්‍රමයක්(රුපියල් 3000 පමණ සිට 30,000 දක්වා වැනි මුදලක්).එහෙත් මෙසේ Factory Unlock කිරීම මඟින් iPhone එක කිසිදු බාධාවකින් තොරව භාවිත කිරීමේ හැකියාව පවතිනවා(Full functional-3G,4G MMS වැනි දේ බාධාවකින් තොරව ක්‍රියා කරයි.).ලෝකයේ ඕනෑම රටක ඕනෑම සිම්පතක් මේ සමඟ ගැටලුවකින් තොරව භාවිත කළ හැකි අතර iPhone එක update කළ ද නැවත lock වන්නේ නැත.මෙහිදී යම් හෙයකින් ඔබ Unlock කිරීමට යන අයිෆෝනය සොරකම් කරන ලද/නැති වූ/දුරකතන බිල්පත් ගෙවා නැති එකක් නම එය blacklist වේ.එසේ blacklist වී ඇතිනම් අපට සමාන්‍යයෙන් Factory Unlock කිරීමට යන මුදලට වඩා වැඩි මුදලක් වැය වේ.මෙසේ ඇපල් උපාංගයක් Factory Unlock කිරීම සඳහා සාමාන්‍යයෙන් වැඩකරන දින 4ත් 16 ත් අතර ප්‍රමාණයක් ගත වේ.

    මෙම ක්‍රම පිළිබඳව තවත් විස්තර සහ Unlock කරන ආකාරය ගැන සරළව වෙන වෙන ම මෙහි ඉදිරි ලිපිවලින් කථා කරමු.

    No comments: