Wednesday, August 23, 2017

ඔබ iCloud Activation Lock උපාංගයක් මිළ දී ගැනීමට පෙර


iCloud Activation Lock සහිත උපාංගයක් වෙළඳපොළේ ඉතා අඩු මිළට මිළ දී ගැනීමේ හැකියාව පවතිනවා.මෙම නිසා ම සමහර පරිශීලකයින් මෙවැනි උපාංග මිළ දී ගැනීමට පෙළඹ වී තිබුණත් මෙය යම් ආකාරයක අවධානමක් සහිත ක්‍රියාවලියක් වනවා.මන් ද


  • දිනෙන් දින ඇපල් සමාගම විසින් ශක්තිමත් කරන iCloud Activation Lock ක්‍රියාවලිය Unlock කළ නොහැකි තත්වයකට පත්ව තිබීම.
  • iCloud Activation Lock එක සාර්ථකව Unlock කළ ද සමහර විට එම අයිෆෝනය Network Lock එකක් පැවතීමට හැකි ය.එය Unlock කිරීමට  වෙන ම මුදලක් වැය වේ.
  • මෙම Lock දෙක ම Unlock කළ ද සමහර විට එම අයිෆෝනය වැඩකරන තත්වයේ නොතිබිය හැකි ය.මක් නිසා ද එම උපාංගය අපට iCloud Activation Lock එක Unlock නොකොට පරීක්ෂා කිරීමට නොහැකි වූ බැවින් එහි තොරතුරු නිවැරදිව බලා ගැනීමට නොහැකි වීම.
  • ඉහත කරුණු සියල්ල සාර්ථක කර ගත්ත ද පසු කාලීනව නීතිමය ගැටලු ඇති වීමේ අවධානම.

iCloud Activation Lock එකක් හඳුනා ගන්නා ආකාරය

ඕනෑම ඇපල් උපාංගයක iCloud Activation Lock සක්‍රීය කර ඇත්දැයි බැලීමට ඇති හොඳම මාර්ගය වන්නේ https://www.icloud.com/activationlock/ වෙත පිවිස ඔබ මිළ දී ගැනීමට සැරසෙන ඇපල් උපාංගයේ IMEI හෝ Serial Number එක ලබා දී පරීක්ෂා කිරීම යි.එම තොරතුරු ලබා දුන් පසු ඔබට එම උපාංගයට අදාළ iCloud Activation Lock හි වර්තමාන තත්වය බලා ගත හැකි ය.

දැනටමත් ඔබගේ ඇපල් උපාංගය iCloud Activation Lock එක සක්‍රීය වී ඇතිනම් ඔබට තාවකාලිකව iCloud Activation Lock screen එක මඟහැරවා ගොස් Facetime ඇප් එකට පිවිස මුල් අයිතිකරුගේ විද්‍යුත් ලිපිනය බලා ගැනීමට හැකියාව පවතින අතර (අදාළ උපාංගය Restore කර නැතිනම් හෝ මුල් අයිතිකරු Facetime සක්‍රීය කර ඇතිනම්) එමඟින් එම පුද්ගලයාව සම්බන්ධ කරගෙන යම් එකඟතාවයකට පැමිණ ඔහු ලවා iCloud Activation Lock එක අක්‍රීය කර ගත හැකි ය(මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න).

තව ද යම් යම් තෙවන පාර්ෂවයේ Tools සහ ක්‍රමවේදයන් භාවිත කර iCloud Activation Lock එක අක්‍රීය කිරීමේ හැකියාව පවතින බව සමහර වෙබ් අඩවි ප්‍රකාශ කළ ද එහි සාර්ථකත්වය පිළිබඳව මේ වන තෙක් සහතිකයක් ලබා දිය නො හැකි ය.කෙසේ හෝ මෙවැනි ආකාරයේ සාර්ථක ක්‍රමයක් හමු වු විගස ඒ පිළිබඳව සිංහලෙන් SWOT INSTITUTE (077 2011040)වෙබ් අඩවියේ සවිස්තරාතමක ලිපියක් පළ කෙරෙනු ඇත.

No comments: