DC unlocker නමැති ලෝකයේ පහසුම ක්රමය
මගින් ඩොන්ගල් අන්ලොක් කරන හැටි මම ඔබට කියලා දෙන්නම්.මෙමගින් ඩොන්ගල් වලට අමතරව ජංගම දුරකථන ඩේටා මොඩම් වැනි උපාංගත් අන්ලොක් කර ගත හැක.DC unlocker මෘදුකාංගය පරිගණකයට යොදා ඇති විට ඔබ අගුලු ඉවත් කිරීමට සැරසෙන ඩොන්ගලයේ සියලු විස්තර එම මෘදුකාංගය මගින් ස්වයංක්රීයව සොයා ගනී.ඔබට ඇත්තේ ඩොන්ගලය නිෂ්පාදකයාගේ නිවැරදි නම ලබා දී බට්න් කීපයක් එබීම පමණි.පළමුව ඔබ පහල ලින්ක් එකින් මෘදුකාංගය බා ගන්න..
https://www.dc-unlocker.com/downloads
ZTE MF 100 Unlock කිරීම..
මෙය සාමන්ය ආකාරයට DC මෘදුකාංගය යොදා අන්ලොක් කළ නොහැකි බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති.අන්ලොක් කල ද
වෙනත් වර්ගයක සිම් පාතක් දැමු වහාම එය නැවත එය අන්ලොක් වන බව ඔබ දැක ඇත.මෙය ඔබට ඉතා පහසුවෙන් අන්ලොක් කරගත හැකි අකාරය පියවර වශයෙන් දක්වමි.
1.මෙය අන්ලොක් කිරීමට ප්රතමයෙන් මෙම ඩොන්ගලයේ Firmware update කල යුතුය.
2.Firmware update
3.සිම්පත නැතිව ඩොන්ගලය පරිගණකයට සවිකරන්න.
3.බා ගත් ZTE-ME100.zip ෆයිල් එක unzip කරගන්න.
4.ලැබෙන ZTE MF100 ෆෝල්ඩරයට යන්න.එහි ඇති dl_mf100_dlg_sz_euv1.00.00.exe ලෙස දැක්වෙන වැඩසටහන open කරගන්න.
5.මෙය ඔබේ පරිගණකයට ස්ථාපිත කරගත් යුතු නැත.
6.ටික වෙලාවකින් ඔබේ ඩොන්ගලය මෘදුකාංගය මගින් හදුනා ගනු ඇත.එවිට පහත පරිදි පෙනෙනු ඇත.
8.මම කලින් පාඩමේදී කියූ පරිදි මෙහිදී ද ඔබේ පරිගණකයේ විදුලි සැපයුම විසන්ඳි නොවන බවට වග බලා ගත යුතුය. නැතිනම් ඩොන්ගලය නැවත ඝාවිතා කල නොහැකි තත්වයට පත්වේ.එමෙන්ම මෙලෙස අන්ලොක් කිරීමත් සමග ඔබේ ඩොන්ගලයේ සේවා දායකයා සමග තිබු වගකීමේ සහතිකයද ඉවත් වන බව මතක තබා ගන්න.
8.Firmware එක යාවත්කාලීන වූ පසු මම කලින් කියා දුන් ආකාරයට DC මෘදුකාංගය මගින් අන්ලොක් කර ගත යුතුයි.
9.DC අන්ලොක් මෘදුකාංගය විවුර්ත කරගෙන එහි select manufacture ස්ථානයට ZTE data cards ලෙස දෙන්න.Select model ස්ථානයට ZTE MF 100 ලෙස තෝරන්න.දැන් search යන බොත්තම ඔබන්න.
10.සුළු වෙලාවකින් ඔබේ ඩොන්ගලය ඕනෑම සිම් පතක් භාවිතා කළ හැකි පරිදි අගුලු ඉවත් වනු ඇත.
No comments:
Post a Comment