Saturday, December 16, 2017

ඔබේ ආදරණියන් දැන් ඔබ ළගින්මයි



ඔබේ ආදරණියන් දැන් ඔබ ළගින්මයි

ඔබේ පෙම්වතා / පෙම්වතිය නිවසින් පිට ආරක්ෂිතද? එයා ලංකාවේ කොහේ හිටියත් SMS එකක් මගින් දැනගන්න පුළුවන් බව ඔබ දන්නවාද ?

ඔබේ පෙම්වතියපෙම්වතාඔබේ දරුවන්OFFICE එකේ යාලුවෝ හැමෝම ලංකාවේ කොහේ හිටියත් ඉන්නේ කොහෙද කියලා බලන්න ඕනනම්   #775*431# අමතන්න
       ආදරය කරන කොයිකාටත් තියෙන ප්‍රශ්නයක්නේ තමන් ආදරය කරන කෙනාගේ ආරක්ෂාව ගැන හිතන එක.එයා පරිස්සමින් ගෙදර ගියාද?ඇයි CALL කලාට ANSWER කරන්නේ නැත්තේ, මගදී මොකක් හරි කරදරයක් වුණාද දන්නේ නෑ.පොඩ්ඩක් හරි CALL කරන්න පරක්කු වුණොත් අපි හැමෝගෙම හිතට එන ප්‍රශ්නනේ මේවා.ඒ හැමදේටම දැන් විශ්වාසදායි උත්තරයක් තියෙනවා. ඒ තමා IFIND (IMEDIATELY FIND) සේවාව,ඒ කියන්නේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන MOBILE TRACKING SYSTEM  එකක්.මේක බොහොම පහසුවෙන් ඕනෑම වර්ගයක පොඩි PHONE එකකින් වුවත් ලබාගන්න පුළුවන් බොහොම පහසු සේවාවක්.කරන්න තියෙන්නේ ඔබේ ජංගම දුරකථනයෙන්  #775*431#  අංකය DIAL කරලා අංක 1 යටතේ තිබෙන REGISTER යන්න තේරීමයි.

ඉන්පසු ඔබ අංක 1 ලබා දී  PIN NO එකක් ලබා ගත යුතුයි.
ඉන්පසු ඔබට පමණක් අවේනික වූ PIN NO එකක් ඔබට ලැබෙනවා.
ඒ වගේම තමන් ආදරේ කරන අය,යාලුවෝ මේ හැමෝමවත් දැනුවත් කරලා #775*431# අංකය අමතලා මේ සේවාව හා සම්බන්ද වෙන්න කියන්න.එමගින් ඔයාලට පුළුවන් ඒ අය,ලංකාවේ කොහේ හිටියත්,පැය 24 පුරාවට තමන්ට හිතෙන ඕනෑම වෙලාවක ඒ අය ඉන්න තැන SMS එකක් මගින් එවලේම දැනගන්න. ඔබ ආදරය කරන අයගේ NUMBER BUSY උනත් දුරකතනයේ BATTERY LOW උනත් සිග්නල් නැති වුණත් IFIND සේවාව ACTIVE නම් බය වෙන්න දෙයක් නෑ.
TRACK කරනකොට එයා ඒක දැනගන්නවද කියන එක ගොඩාක් අයට තියෙන තවත් ප්‍රශ්නයක්නේ.නැ එහෙම වෙන්නේ නෑ. මුලින්ම  ඔහු හෝ ඇය දැනුවත් කරලා #775*431# DIAL කිරීම මගින් එයාලගේ PIN අංකය ලබාගන්න.එවිට ඔබට ඕනෑම වෙලාවක ඒ අය ඉන්න තැන SMS එකක් මගින් බලාගන්න පුළුවන්. SMS එකකින් ඔයාගේ යාළුවා ඉන්නේ කොහෙද කියල SYSTEM එකෙන් අහපු ගමන් SYSTEM ඒක ඔයාට පෙන්වනවා ඔයාගේ යාළුවා මෙ මොහොතේ ඉන්න තැන.

පෙම්වතා / පෙම්වතිය හෝ ඔබේ යහළුවන් ඉන්න තැන බැලිය හැකි ආකාර 02ක් තියෙනවා

 1) SYSTEM එක හරහා ගොස් පෙම්වතා / පෙම්වතිය හෝ ඔබේ යාළුවගේ PIN NO එක ලබා දී එයා ඉන්නේ කොහෙද කියලා බලාගන්න පුළුවන්.


 2) SMS එකක් යැවීම මගින් ;

  SMS එක යවන අකාරය

 පහත දී ඇති විදිහට SMS ටයිප් කරන්න.

IF(හිස්තැනක්)පෙම්වතා / පෙම්වතිය හෝ ඔබේ යාළුවගේ PIN NO එක ගහලා 77250 ට SMS එක යවන්න. 

එයා ලංකාවේ කොහේ හිටියත් එයා ඉන්න තැන ඔයාට බලාගන්න පුළුවන්.
                මෙන්න මේ විදිහට

මෙය කොතරම් පහසු සේවාවක්ද කියා ඔබට දැන් වැටහෙනවා ඇති.
ඔබ SMART ජංගම දුරකතනයක් භාවිතා කරන්නේනම් ඔබගේ යහළුවා ඉන්න තැන ලංකා සිතියමක් මගින් වුවද බලාගැනීමේ පහසුව ඔබට තියෙනවා. එවිට ඔබට ලැබෙන SMS පණිවිඩයේ ඔබ සොයන්නා සිටින ස්ථානයේ ලින්ක් එකක් ලැබෙනවා.ඔබ එම ලින්ක් එක CLICK කල විට GOOGLE MAPS ඔස්සේ ඔහු හෝ ඇය සිටින ස්ථානය බලාගැනීමේ පහසුවද ඔබට ලැබෙනවා. 
තවත් ඔබට ලැබෙන ප්‍රධානතම වාසියක් තමයි ඔබගේ PHONE එක නැති උනොත් හරි හොරකම් කරොත් හරි PHONE එක තියෙන තැන එවලේම දැන ගැනීමේ පහසුව. 
ඔබට කරන්න තියෙන්නේ #775*431#   යන අංකය අමතා අදම මෙම සේවාව හා සම්බන්ද වෙන්නයි. මෙය DIALOG භාවිතා කරන ඔබට පමණක් ලබා ගත හැකි පහසු සේවාවක්.

Monday, November 6, 2017

How to Reset iPhone – Hard Reset / Factory Reset Process

  1. Go to “Settings
  2. Select “General
  3. Scroll down and select “Reset“.
  4. Here you will find few options like – Reset All Settings, Erase All content and Settings, Reset Network Settings.
  5. For Hard Factory Reset, select “Erase All Content and Settings
  6. The iPhone will ask for pass code / password.
  7. Enter the password and confirm.
  8. Now the phone will start the reset process which could take few minutes. Sit down and allow the phone to reset itself.
  9. Once hard reset is done, your iPhone will be same as it was shipped from the factory.
  10. If you updated the iOS, then after reset, the iPhone will have the LAST Version of iOS.

Wednesday, October 18, 2017

Diploma In Mobile Phone Repairing & Diploma In Cctv Installation - Learn From The Best


පුහුණුවෙන් පසු රැකියාවක්
0772011040, 0711226562,0713924999,0112691265
138,s.de.s.jayasinghe Rd, nugegoda

SWOT institute Nugegoda Next to BOC 
First time in low price 5500/=
Recognized Certificated will be issued by us.
Institute Awarded by Ministry of Education
## ලංකාවේ පළමු වතාවට" 10GB "unlock ,firmwares ,all mobile phone pcb diagram,all mobile phone ic numbers and fault finding softwareස FREE

Diploma in Mobile Phone Repairing Course Syllabus:...................... 
The course is divided into three parts - 
1. Theory 
2. Practicals 
3. Practice

Hardware : 
* Basics of Mobile Communication. 
* Tools & instruments used in mobile phone repairing. 
* Various components used in mobile phones. 
* Basic parts of mobile phones (mic, speaker, buzzer, LCD, antenna, etc). 
* Use of Multimeter. 
* Use of Battery Booster. 
* Basic Circuit Board/ Motherboard Introduction. 
* Assembling & disassembling of different mobile phones. 
* Soldering & Desoldering Components Using Different Soldering Tools. 
* Names of Different ICs. 
* Work of Different ICs. 
* Working on SMD/ BGA ICs and the PCB. 
* Fault finding & Troubleshooting. 
* Jumpering Techniques. 
* Troubleshooting through circuit diagrams. 
* Repairing procedure for repairing different hardware faults. 
Software : 
* Flashing 
* Formatting 
* Unlocking 
* Use of secret codes 
* Downloading 
* Bluetooth/ infrared
* Flash
*Root

(100% Practical)
DURATION
04 Days Course– Individual Training Program
06 Days Course–GroupTraining Program with Classroom Installation
CLASSES HELD
Weekdays - Monday to Friday
Weekends – Saturday & Sunday
Medium: English and Sinhala Media (Depending on the student's request)
* Trainer : BSc. Hons 1st Class, MBA (Sri J), Diploma & Higher Diploma in Computer Systems, government IT Consultant 

Be talented enough to open your own Mobile Repairing shop...

Don’t miss the Chance 
Individual Classes. Arrange your convenient time.

-------------------------------------------------------------------------------------------------------------------------------------
SWOT INSTITUTE.
0772011040, 0711226562,0713924999,0112691265
Diploma in CCTV course
We are the first in delivering the below mentioned course content
පුහුණුවෙන් පසු රැකියාවක්
කැමරා පද්දති සවිකිරීම අන්තර්ජාලයෙන් බැලීම නොමිලේ 
138,s.de.s.jayasinghe Rd, Nugegoda
Individual or group classes 

Recognized Certificated will be issued by us.
Institute Awarded by Ministry of Education
Brief Course Outline 
1) An introduction to CCTV systems
2) CCTV Video signals (H 264, Mpeg 2)
3) Different types of cabling including Coax and Twisted Pair 
4) Lens Theory and different types of lenses
5) Pan, Tilt and Zoom (PTZ) Cameras
6) Crimping BNC, CAT5 & keystone connectors
7) Assembling a CCTV system, Troubleshooting using CCTV tester
8) NVR, IP Camera Configuration
9) Practical assembly of a CCTV system
10) Introduction to Networking
11) Network (LAN, WAN, IP)
12) IP Address Configuration
13) DDNS and SMTP configuration
14) Port Forwarding
15) NAT Configuration / Theory
16) Introduction to CCTV Design Tool
17) Setting up the CCTV system on your PC Smartphone or Android Device
18) cctv alarm system
Fee: Rs. 6500.00
Medium: English and Sinhala Mediam (Depending on the student’s request)
Individual attention is guaranteed.
For more details please contact us.
හැකියව ලැබෙන තෙක් පුහුණව නොමිලේ. දුර බැහැර සිටින අයට, විදේශ ගත වන අයට , ඉක්මනින් වයාපර අරඹන අයට විශේෂ කෙටි කාලින පාඨමාලා
Real site Industrial Training
DURATION
1 Days Course– Individual Training Program
06 Days Course–GroupTraining Program with Classroom Installation
CLASSES HELD
Weekdays - Monday to Friday
Weekends – Saturday & Sunday
Medium: English and Sinhala Media (Depending on the student's request) 
You can arrange your convenient time slot
Registration is now 

* Trainer : BSc. Hons 1st Class, MBA (Sri J), Diploma & Higher Diploma in Computer Systems, government IT Consultant 


Saturday, September 30, 2017

ඕනෑම ෆෝන් එකේ ඩිලීට් පොටෝස්, වීඩියෝස් සහ ෆයිල්ස් නැවත ගන්නේ මෙහෙමයි


ඔබේ ජංගම දුරකථනයේ සැඟවී ඇති රහස්

Lock Screen Message (අඟුළු වැටුණු තිරය මත දිස්වෙන පණිවිඩය)
හිතන්න ඔබේ ෆෝන් එක නැති උනා කියලා. මේ වගේ වේලාවක ඔබේ දුරකථන තිරය මත කුමන හෝ ආකාරයක lock එකක් දමා තිබේ නම් එය ඇහිද ගත් පුද්ගලයාට දුරකතනයේ අයිතිකරු පිලිබදව කිසිම හෝඩුවාවක් ලබා ගන්නට බැරි වෙනවා. මෙවන් අවස්ථාවකට කල් තබා සුදානම් වීමට නම් ඔබට පුළුවන් lock screen පණිවිඩයක් දුරකථනය තුල save කර තබන්න. එවිට දුරකථන තිරය අඟුළු වැටි තිබෙන අවස්ථාවක එම පණිවිඩය තිරය මත නිරුපණය වීමට පටන් ගන්නවා. මෙම පණිවිඩය ලෙසට ඔබේ වෙනත් දුරකථන අංකයක් හෝ ඊ මේල් ලිපිනය ලබා දෙන්නට පුළුවන්. ඔබ භාවිතා කරන්නේ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය තිබෙන දුරකතනයක් නම් Settings > Lock Screen And Security > Lock Screen Signature යන පාත් එක ඔස්සේ ඔ lock screen පණිවිඩයක් ඔබේ දුරකථනයට ඇතුලත් කර තබන්න පුළුවන්.
Anti – Theft App (සොර සතුරු ආරක්ෂා මෘදුකාංග)
ඔබට හිතෙනවා නම් දුරකතනයේ ආරක්ෂාව උදෙසා Lock Screen Message එක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ කියලා ඔබට පුළුවන් Cerberus වැනි සොර සතුරු ආරක්ෂා මෘදුකාංගයක් ( Anti – Theft App) Play Store වෙතින් භාගත කොට භාවිතා කරන්න. මෙවැනි ඇප් එකක් දුරකතනයට ස්ථාපනය කොට ඇති අවස්ථාවක, දුරකතනය අස්ථාන ගත වුවහොත් ,ඔබට නැති වූ දුරකතනයේ කැමරාව හොර රහසේම විවෘත කර ජයාරූප ගැනීමට , දුරකතනයේ මයික්‍රෝෆෝනය ක්‍රියාත්මක කොට අවට ශබ්ධයට සවන් දීමට , GPS මගින් දුරකතනය තිබෙන ස්‌ථානය සොයා ගැනීමට , දුරකතනයේ ගබඩා වී ඇති සියලු දත්ත මකා දැමීමට /  දුරකතනය අඟුළු දැමීමට හා අවශ්‍ය නම් දුරකතනයේ ස්පිකර් මගින් විශාල ශබ්ධයක් වුවත් ඇති කරවන්නට පුළුවන්.
දුරකතනයේ මතකය ඉතුරු කර ගැනීමට (Save The Memory )
ඔබේ දුරකතනයේ මෙමරි ෆුල් වන විට ඔබට පුලුවන් මෙමරි කාඩ් එකක් හෝ Drop Box වැනි Cloud සේවාවක් යොදා ගෙන ඉඩ වැඩි කර ගන්න. නැතිනම් දුරකතනයේ දත්ත පරිගණකයට කොපි කිරීම මගින්ද මෙමරියේ ඉඩ පහසු කම් වැඩි කර ගන්නට පුළුවන්. නමුත් මේ කිසිවක් සිදු නොකර මෙමරි ෆුල් වී ඇති අවස්ථාවක ඉඩ සාදා ගැනීමට අපුරු උපක්‍රමයක් තිබෙනවා. ඒ තමයි Telegram Messanger ඇප් එක. මෙමගින් ඔබේ සියලුම දත්ත පණිවිඩයක් ලෙසින් save කර ඔබටම send කර ගන්නට පුළුවන්. ඔබට අවශ්‍ය වූ විට පමණක් පණිවිඩයේ save කර ඇති දත්ත ඔබේ දුරකතනයේ මතකය වෙත භාගත කර ගන්න.
CCTV කැමරා පද්ධතියක් ලෙස භාවිතා කල හැකි වීම
ඔබේ නිවසේ හෝ ඔබ සතු වටිනා වස්තුන් ආරක්ෂා කර ගැනීම සදහා ඔබේ ස්මාර්ට් දුරකතනය CCTV ආරක්ෂක කැමරා පද්ධතියක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. මේ සදහා ඔබ කල යුතු වන්නේ Play Store වෙත පිවිස CCTV apps ලෙසින් searh කොට ලැබෙන ප්‍රතිපල වලින් ඔබට වඩාත්ම සුදුසු ඇප් එකක් භාගත කර ගැනීමයි.
කාර් එකේ ඩෑෂ් කෑම් එක ලෙසින් භාවිතා කරන්නත් පුළුවන්
ඔව් ඔබට අවැසි නම් ඔබේ මෝටර් රථයේ ඉදිරිපස දර්ශන ඩෑෂ් කෑම් එකක් මගින් පටිගත කර ගැනීමට ඒ සදහා ඔබට ඔබේ ජංගම දුරකතනය වුවද පහසුවෙන් යොදා ගන්නට පුළුවන්. මේ සදහාද ඔබ කල යුතු වන්නේ පෙර පියවරේ වගේම Play Store වෙත පිවිස Dash Cam Apps ලෙසින් search කර ඔබට වඩාත්ම සිත් ගත් ඇප් එක භාගත කිරීමයි.
ඉදිකිරීම් කටයුතු සදහා
ගොඩනැගිලි වැනි යම්කිසි ඉදිකිරීමක් සිදු කරන විට ඔබේ දුරකතනය ප්‍රයෝජනවත් වේවි කියා ඔබ කිසිදා නොසිතන්නට ඇති. නමුත් ඉදිකිරීමේ කටයුතු වලදී නිතර අවශ්‍ය වන ලඹයක් ලෙස ඔබේ දුරකථනය භාවිතා කරන්නට පුළුවන්. Play Store එකෙන් ලබා ගන්නා Bubule Level වැනි ඇප් එකක් මගින් පහසුවෙන්ම ඔබේ දුරකතනය ලඹයක් බවට පරිවර්තනය වේවි
මැජික් මෙනුව
ඔබ දුරකතනයේ අස්සක් මුල්ලක් නෑරම පරිශීලනය කරන කෙනෙක් නම් මේ කියන්නට යන දේ ඔබට ඉතා  වැදගත් වේවි.  ඔබේ දුරකතනයේ Developer Mode නමැති මැජික් මෙනුව විවෘත කර ගැනීම මගින් දුරකථන නිෂ්පාදකයා save කර එවූ සාමාන්‍ය settings වෙනස් කර ඔබට අවශ්‍ය පරිදි දුරකථනය සකස් කර ගැනීමට පුළුවන්. මේ සදහා settings ගොස්  About the Phone ගොස් ඇපල් දුරකතනයක් නම් Model Number හා Android දුරකතයක් නම් Build Number මත එක දිගට හත් වරක් Click කරන්න. එවිට Developer මෙනුව විවෘත වීම සිදු වෙනවා. මෙමගින් ඔබට අවශ්‍ය පරිදි සංඥා ග්‍රහණය කර ගැනීමේ හැකියාව (Signal Reception Quality ) හා මෙහෙයුම් පද්ධතියේ අලංකාරවත් බව සකසා ගන්නට පුළුවන්
අමුතු දත්ත
ජංගම දුරකතනයට ඔබ දැඩි ලෙස ඇබ්බැහි වී ඇතැයි කියා ඔබේ දෙමාපියන් චෝදනා කරන්නේ නම් ඔබ කොතරම් දුරකතනයට ඇබ්බැහි වී ඇද්ද යන්න දන ගැනීමට පහසුකමක් ඔබේ දුරකතනයේම තියෙනවා. ඔබ භාවිතා කරන්නේ ඇපල් දුරකතනයක් නම් settings මෙනුවට ගොස් battery මත click කරන්න. එවිට පැමිණෙන මෙනුවේ ඔබ අවසන් දින 7 තුල වැඩියෙන්ම කාලය ගත කල වෙබ් අඩවි app පිලිවෙලින් ඒ සදහා ඔබ නාස්ති කල පැය ගණන සමගින්ම ලබා ගන්නට පුළුවන්. ඔබ භාවිතා කරන්නේ ඇන්ඩ්‍රෝයිඩ් දුරකතනයක් Play Store ලබා ගත හැකි Instant වැනි සරල ඇප් එකක් ඔස්සේ ඔබේ කාල නාස්තිය පිළිබද දත්ත දැක ගැනීමට පුළුවන් වේවි.
මොනොක්‍රොම් තිරය
ඔබ නිතරම දුරකතනය මගින් විවිධ දේවල් කියවීම සිදු කරනවා නම් එක දිගට වර්ණවත් තිරය දෙස බලා සිටීම නිසා දෑස් වලට අපහසුතාවයක් ඇති වන්නට පුළුවන්. ඒ වගේම දුරකතනයේ බැටරිය ඉක්මණින්ම බැස යාමත් සිදු වෙනවා. මේ ගැටළු දෙකම එකවර විසදා ගත හැකි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දුරකතනය මොනොක්‍රොම් තත්වයට (Monochrome Mode) පත් කර ගැනීම. මෙසේ සිදු කර ගැනීමෙන් ඔබේ දුරකථනයේ තිරය කළු සුදු (Black & White ) එකක් බවට පත් වෙනවා. මෙය ක්‍රියාත්මක කර ගැනීම සදහා අපි අර කලින් කියලා දුන්නු මැජික් මෙනුව විවෘත කර ගන්න. එහි simulate anomaly ඔස්සේ Monochrome Mode On කර ගැනීමට පුලුවන්.

Sunday, September 24, 2017

මොනවද මේ ජංගම දුරකථන වල තියෙන සංවේදක (mobile phone sensors)?

Blog එකක් ලියන්න පටන් ගත්තට ගොඩක් කාලෙකින් මොනවත් ලියන්න බැරි උනා. ඒක නිසා අද තදින්ම හිතා ගත්ත ලියන්න.


ඉතින් අද මට ලියන්න හිතුනා මේ ජංගම දුරකථන වලට එකතුවෙලා තියෙන සංවේදක (sensor)ගැන, ඒවා වැඩ කරන්නේ කොහොමද, ඒවයින් අපිට කරගන්න පුලුවන් මොනවද කියලා.
මට හිතෙන හැටියට ජංගම දුරකථන වලට වැඩියෙන්ම එකතු වෙල තියෙන්නෙ ත්වරන සංවේදක (accelerometer sensor), ස්පර්ශ සංවේදක(touch sensor) සහ ආලෝක සංවේදකයි(light sensor). දැන් දැන් ජංගම දුරකථන වලට සමීපත්ව සංවේදක(proximity sensor) සහ චුම්භකත්ව සංවේදකත් (magnetometer sensor)එකතුවෙලා තියෙනවා. මේ අතරට විභ්‍රමණේක්ෂ සංවේදකත් (gyroscope sensor) ලගදීම එකතුවෙයි කියලා හිතනවා. අදට අපි බලමු මේ එක එක සෙන්සරයෙන් මොනෙවද කෙරෙන්නේ කියලා.



(1) ත්වරන සංවේදක (accelerometer sensors)
ත්වරන සංවේදකයකින් කරන්නේ එම උපකරනෙයට දැනෙන බලය මනින එකයි. අර නිවුටන්ගේ නියමයට අනුව බලයත් ත්වරනයත් සමානුපාතික නිසා මෙවායින් ත්වරනය මනින ලෙස සැලකීමට පුලුවන්. මේවා නිශ්චලව තියෙන කොට පොලොවෙන් ඇතිකරන ගුරුත්වජ ත්වරනය සටහන් කෙරෙන අතර නිදහස් වැටීමකදී බිංදුව අගයක් පෙන්වයි.
ගුරුත්වජ ත්වරනය ඇති දිශාව මෙමගින් සොයාගත හැකිනිසා කැමරා, mobile phone ආදී උපකරන වල තිරය (screen) අල්ලගෙන සිටින දිශාව සොයා ගෙන ඒ අනුව දර්ශනය වෙනස් කිරීමට (කරකැවීමට) බහුලවම පාවිච්චි කරනවා (landscape portrait screen rotation).
මේවා අඩංගු උපකරනයක් අරගෙන ඇවිදින කොට තබපු පියවර ගනන, ඇවිදපු දුර වගෙ දෙවලුත් ලබා ගන්න පුලුවන්. තව GPS භාවිතවෙන් මග සොයගනීමේ වැඩ වලටත් මෙවා යොදා ගන්නෙවා. ඒ වගේම චලන ඉඟි (motion gesture) මගින් විධාන දීම දැන් ජනප්‍රිය වීගෙන යනවා.

(2) ස්පර්ශ සංවේදක (touch sensors)
මේවාට බොහෝම වෙලවට ටච් ස්ක්‍රීන් (touch screen) කියලත් කියනෙවා. මේවා කරන්නේ ඇගිල්ලකින් හෝ විශේෂ පෑනකින් කරන ස්පර්ෂයන්, තෙරපීම් හදුනා ගැනීමයි. ඉතින් තිරය මත දිස් වෙන යතුරු පුවරුවක් හෝ බොතමක් එබීමට මෙවා බහුලවම යොදා ගන්නෙවා. ඒ වගේම ස්පර්ශ ඉඟි (touch gestures) මගින් යම් යම් දේ කර ගැනීමටත් මේවා යොද ගන්නෙවා. උදාහරනයක් විදිහට ඇඟිල්ල තිරය මත ඉහල සිට පහලට ඇතිල්ලීමෙන් ස්ක්‍රොල් කිරීම. තව වැදගත් දෙයක් තමයි මේ ස්පර්ශ් සංවේදක තිරයත් එක්කම තියෙන් ඕනෑ නැහැ. දුරකථනයේ වෙනත් කොටස් මතත් මේ සංවේදක සවි කරන්න පුලුවන් (උදා. HTC - Touch Diamond).

(3) ආලෝක සංවේදක (light sensors)
ආලොක සංවේදක බොහොම සරල සෙන්සර වර්ගයක්. මේවයින් අවට පරිසරයේ ආලෝක තත්වය(තීව්‍රරතවයා ගැන මිනුමක් ලබා දෙනෙවා. දැනට ජංගම දුරකථන වලට මෙයින් ඇති ප්‍රයෝජනය තමයි අවට ආලෝකය අනුව තිරයේ දීප්තිය සීරුමාරු කිරීමයි. මෙමගින් පාවිච්චි කරන්නාට හොද දර්ශනයක් ලබා දෙනෙවා වගේම බැටරි ඉතිරිකිරීමත් සිද්ධ වෙනවා.





සැම්සුන්ග් ඔම්නියා (SGH-i900) හි ආලෝක සංවේදකය
(4) සමීපත්ව සංවේදක(proximity sensors)
මෙම සෙන්සර මගින් යමක් අසල ඇති බව හදුනාගනියි. මේ සදහා ස්පර්ශ වීම අවශ්‍ය නොවේ. දැනට ජංගම දුරකථන වල මේවා භාවිතා කෙරන්නේ ඇමතුමක් සම්බන්ධව තියෙනකොට ස්පර්ශ සංවේදක (touch screen) ක්‍රියාවිරහිත (disable) කිරීමෙන් අනවශ්‍ය ලෙස තිරෙයේ දිස්වෙන දේ ක්‍රියාකිරීම වැලැක්වීමටයි.

නොකියා 5800 හි ආලෝක හා සමීපත්ව සංවේදක
(5) චුම්භකත්ව සංවේදක (magnetometer sensors)
මෙම සෙන්සර මගින් අවට පරිසරයේ ඇති චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව හා දිශාව සොයාගන්න පුලුවන්. iPhone 3G s, Nokia N97 වැනි ජංගම දුරකථන වල මේවා භාවිතා කිරීමෙන් ඉලෙක්ට්‍රොනික් මාලිමා යන්ත්‍ර (elctronic/digital compass) දිශාව සොයාගැනීමට යොදාගෙන තියෙනෙවා. තව GPS භාවිතවෙන් මග සොයගනීමේ වැඩ වලටත් මෙවා යොදා ගන්නෙවා.

(6) විභ්‍රමණේක්ෂ සංවේදක (gyroscope sensors)
ත්වරන සංවේදකයකින් සරල චලිත සොයා ගන්න පුලුවන් උනත් බ්‍රමන චලිත හොයගන්න අමරුයි. ඒකට තමයි මෙ සෙන්සර් වර්ගය තියෙන්නෙ. ඒ කියන්නේ මේකෙන් phone එක කැරකැවීමක් වෙනවද, කරකැවෙන වේගය වගේ දේවල් මෙකෙන් ලබා ගන්න පුලුවන්.

ඉතින් අදට ඇති වගේ. මේ එක එක සෙන්සරය ගැන ඉදිරියෙදී විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනෙවා

චීන මොබයිල් ෆොන් රෙපෙයාර්

මගේ යාලුවෙක්ගෙ මොබයිල් ෆොන් එක බිම වැටිලා ඊට පස්සෙ වඩ කරන්නෙ නැතුව ගිහින්. ඉතින් අද ලියන්න හිතුවෙ ඒක අලුත්වැඩියා කරපු හැටි ගැනයි.


මේ ෆොන් එක China mobile A618 වර්ගයේ එකක්. මේකෙ තිබුන රෝග ලක්ෂණය තමයි ON කරහම සාමාන්‍ය විදිහට Display එක එනවා ඒත් Keyboard එකවත් touchpad එකවත් වැඩ කරන්නේ නැහැ. Touchpad එක damage වුනු ලකුණු පේන්න තිබුනා.

ඉතින් අපි මේක ගලවලා බැළුවම touch pad එක display එකට අලවපු තැනින් ලේසියෙන් ගලවන්න පුලුවන් කියලා තේරුනා.
[නිල් පාට ඊතලයෙන් පෙන්වන දාරය දිගේ පිහිතලයකින් display එක සහ touch pad එක වෙන් කරගන්න පුලුවන්]

ඒත් මේක ටිකක් පරිස්සමින් කරන්න ඕනා. Touch pad එකේ flex cable ත් display එකේ flex cable එකටම මගදි පාස්සලා තියෙන්නෙ. මේ flex cable එක්ක වැඩ පරිස්සමින් කරන්න ඕනා, වැඩිපුර රත් වුනොත් flex cable එක උනු වෙලා ඔක්කොම වැඩෙ අල වෙනවා.

[flex cable සම්බන්දය]
කොහොම හරි touch pad එක වෙන් කර ගෙන multimeter එකෙන් පරීක්ෂා කලහම ඒක short කියල පෙනුනා. දැන් ඉතින් වෙලා තියෙන වැඩේ පැහැදිලියි. touch pad එක short වෙලා නිසා system එකට දිගටම touch point එකක් එනවා, ඒක නිසා system එක වෙන එක key එකකටවත් respond කරන්නෙ නැහැ.

දැන් touch pad මාරු කලහම ලෙඩේ හොද් වෙන්න ඕනා. ඒත් නිකමට වගේ තවත් උත්සාහයක් දාලා touch pad එකත් ගොඩ දාන්න පුලුවන් උනා.

phone එක බිම වැටුන වෙලාවෙ ගලක් ඇනිලා touch pad එකේ උඩ layer එකයි, යට layer එකයි එකට ඇලිලා තමයි touch pad එක short වෙලා තියෙන්නේ. Touch pad එකේ යට පැත්ත සීරුවෙන් රත් කරලා, බීම බොන බටයක් damage වෙච්ච තැන මැදිකරලා (on top layer) තියලා ඉරුවා.


අපේ බලාපොරොත්තුව මේකෙන් එකට ඇලුන layer දෙක වෙන් කරගන්නයි. මෙහෙම දෙපරක් විතර කරලා නැවත පරීක්ෂා කෙලෙහම වැඩේ හරි ගිහින්. (මේ රත් කරෙන වැඩේ යට පැත්තෙන්ම කරන්න ඕනා. Touch pad වල යට පැත්ත වීදුරු, උඩ පැත්ත plastic ඒක නිසා උඩපැත්ත රත් කරොත් උනු වෙනවා.)

මේකෙන් පස්සෙ phone එක ආපහු තිබුන විදිහටම සවි කලහම පාවිච්චි කරන්න පුලුවන් මට්ටමි වැඩකරා. Touch pad එකත් damage වුන තැන හැර හොදින් වැඩ.

LCD තිරයක අන්වීක්ෂීය සටහන්

මගේ මේසය උඩ තිබිලා හම්බ උනා Nokia 6120c ෆෝන් එකකින් ගලවපු LCD එකක්. මේක මම දැනට අවු 2 විතර කලින් පාවිච්චි කරපු ෆෝන් එකෙන් ගලවපු එකක්. ඒක දවසක් බිම වැටිලා LCD එකෙ මැද්දෙන් පුපුරලා pixel පේලි කීපයක් පෙන්නෙ නැතුව ගියානෙ (ච්හ් ඒ දවස් වල මේ බ්ලොග් කෙරුවාව කලේ නැහැනෙ, නැත්නම් ඒකත් මේකෙ ලියන්න තිබුනා). LCD එකක් වැඩ කරන හැටි ගැන අදහසක් ගන්නත් එක්ක මට හිතුනා එකෙ පින්තූර ටිකක් දාන්න. පින්තූර කිව්වට මේවා අන්වීක්ෂයක් තුලින් ගත්ත පින්තූර. මේ ටික බැලුවට පස්සෙ හිතෙයි නිකම්ම වීදුරුකෑල්ලක් වගෙ තිබුනට මෙක කොයි තරම් සංකීර්ණද කියලා.


මේක නිකම්ම LCD එකක් කියල කිව්වට මේක TFT (Thin Film Transister - මේ මොකක්ද කියලා අපි පසුව බලමු) වර්ගයේ සහ පසුබිම් ආලෝක සපයන උපාංගත් මෙකට අයිතියි.

මෙන්න LCD එකේ බාහිර පෙනුම.
ඉදිරිපස පෙනුම.

පිටුපස පෙනුම.


සාමාන්‍යයෙන් LCD එකක සැකසුම මේවගෙයි (හරස්කඩක්).



















1 - පිටත ලෝහ ආවරනය (Metal back plate)
2 - ආලෝක පරාවර්ථකය (Light Reflector)
3 - ආලෝක විසරණ පත්‍ර (Light diffusing foils)
4 - සක්‍රිය LCD තිරය (ද්‍රව ස්ඵටික අඩංගු ඇසුරුම)
5 - ප්ලාස්ටික් ආවරනය (Plastic frame)
6 - පරිපථ කොටස්
7 - පසුබිම් ආලෝක සැපයුම් LED (Back light LEDs)
8 - ආලෝක නියාමන පෙට්ටිය (Light guide box)
9 - ආලෝක ද්‍රැවීකාරකය (Light polarizer)
10 - පාලන හා තීරු එලවන පරිපථය (Control and column driver circuit)


මෙන්න සැබෑ පෙනුම (පිටත ලෝහ ආවරණය ගලවා ඉවත් කලවිට)
අපි දැන් මේ ඉහල රූපයේ පෙන්වන A,B,C හා D ප්‍රදේශ විශාල කර බලමු.
A රූපයෙන් පේන්නෙ LCD වීදුරුවේ 1mm පමණ වන ගැට්ට මත පරිපථ හා ඉලෙක්ට්‍රොනික උපාංග මුද්‍රණය කර ඇති ආකාරයයි. රතු කොටුව තුල පෙනෙන්නේ LCD එකේ pixel row driver පරිපථයයි. මේ කොටස එක් එක් පේලිය සදහා නැවත නැවත සාදා ඇති ආකාරය පෙනෙනෙවා. X යනුවෙන් ලකුණු කර ඇති රවුම් ප්‍රදේශය නැවත විශාලනය කර පසුව පින්තූරක විස්තර කරමු.
B රූපයෙන් පේන්නෙ LCD එකේ column වල කෙලෙවර අති ටෙස්ට් pads කිහිපයක්. මෙහි column අංකද මුද්‍රණය කර ඇති බවද පේනවා.
මෙන්න micro පරිමාණයේ barcode සහ ටෙස්ට් පෑඩ්.
අපි C සහ X යනුවෙන් පෙන්වන ප්‍රදේශ විශාලකර බලන්න කලින් මේ LCD එකේ අලවාඇති ආලෝක ද්‍රැවීකාරක (polarizer) පතුර ගලවන්න ඕනා.

දැන් C ප්‍රදෙශය විශාලකර බැලුවහම පෙන්නෙ මේ වගේ. මේ පොඩි කොටු වගේ තියෙන්නෙ එක් එක් pixel. මේ එක එකක් රතු, කොල, නිල් පාට වලින් යුක්තයි. එක එක කොටුවක ඉහලින් සහ පහලින් පෙනෙන කුඩා තිත් දෙක තමයි pixel drive කරණ ට්‍රාන්සිස්ටර. මේ ට්‍රාන්සිස්ටර FET වර්ගයේ වන අතර වීදුරුව මත සිහින් පටලයක් ලෙස තමයි හදල තියෙන්නෙ. ඒක නිසා තමයි මේ LCD වර්ගයට TFT (thin film Transistor) කියලා කියන්නෙ.
A රූපයෙ X ප්‍රදෙශය විශාලකලාම මේ එක් එක් pixel කොහොමද row drivers වලට සම්බන්ධ වෙන්නෙ කියලා පේනවා.
LCD එක යට පැත්තෙන් අලෝක කරනය කර උඩින් බැලුවම pixel ටික අලංකාරව පෙනෙනවා.
LCD එකේ කතාව නම් ඉවරයි. ඒත් නවතින්න කලින් අපි මේ අන්වීක්ෂීය පින්තූර ගත්තෙ මෙහෙමයි.